about-photo

*** The Best Library of NWP ***

 

                 පුත්තලම නගර සභාව මහජන පුස්තකාලය

                   * අපගේ දැක්ම *

“නව ලොවට උචිත වන්නාවුත් දැනුමෙන් හා නිපුණතාවයන්ගෙන් සපිරුණාවුත් අති නවීන සමාජයක් වයඹ පළාත තුල බිහිවනු දැකීම”

 

අපගේ මෙහෙවර

අභික්‍රමණික හෙට දිනට අනුවර්තනීය නව ලොවකරා පියමන් කිරිමට ශ්‍රාස්ත්‍රොද්ග්‍රහණය හා ප්‍රතිභාවය තුලින් කායික හා මානසික පුර්ණත්වයට පත් ඥානාත්මක සමාජයක් පුත්තලම භූමියෙන්  බිහිකිරිම සඳහා අවශ්‍ය දැනුම, නිපුණතාවය  හා අවබෝධය ලබා දීම අපගේ මෙහෙවර වේ.

 

ශාඛා පුස්තකාල:

 

                     01.  අෂ්රෝෆ් අනුස්මරණ මහජන පුස්තකාලය, ඉබුණුබදුදා පාර, (කලපු පාර), පුත්තලම.

                     02.  නගර සභා ආදර්ශ මහජන පුස්තකාලය, ඩිපෝ හංදිය, කුරුණෑගල පාර, පුත්තලම.

01. සාමාජිකත්වය ලබා ගැනීම සඳහා :-

 

          I.  පුත්තලම මහජන පුස්තකාල සාමාජිකත්වය ලැබිම සඳහා පහත සඳහාන් සුදුසුකම් තිබිය යුතුය:-

                 i. සාමාන්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වයස අවුරුදු 14ට වැඩි වීම, ළමා සාමාජිකත්වය සඳහා අවුරුදු 14ට අඩුවිම.
                ii. නගර සභා බල ප්‍රදේශය තුල පදිංචිකරුවෙක් හෝ අධ්‍යාපනය ලබන්නෙකු හෝ දේපල හිමියකු හෝ රැකියාව කරන්නෙකු හෝ විම.

 

         II.  සාමාජික ගාස්තු :-                            

                  i. සාමාජික අයදුම්පත් ගාස්තු                                       රු.   50.00
                 ii. සාමාජික හා ඉලේක්ට්‍රොණික ගාස්තු                                රු.  100.00
                iii. සාමාජිකත්ව අලුත් කිරිමේ ගාස්තු                                  රු.  100.00
                 iv. පුත්තලම නගර සභා බල ප්‍රදේශයෙන් පිටත පදිංචි පාසැල් නොයන අය සඳහා රු. 1000.00 ක රැදවුම් මුදලක් ගෙවිය යුතුය. (සාමාජිකත්වයන් ඉවත්වි රිසිට් පත ඉදිරිපත් කිරිමෙන් පසු එකී මුදල නැවත ලබා ගත හැක.)
                  v. ළමා සාමාජික ගාස්තු රු. නැත
                 vi. ළමා සාමාජික අයදුම්පත් ගාස්තු රු. නැත
                vii. ළමා සාමාජික හා ඉලේක්ට්‍රොණික ගාස්තු                            රු.  100.00
               viii. ළමා සාමාජිකත්ව අලුත් කිරිමේ ගාස්තු                              රු.  100.00

 

       III.  පුස්තකාල සාමාජිකත්වය ලබාගැනීම :-

 

          i.    පුස්තකාල සේවාවන් අපේක්ෂා කරන සෑම තැනැත්තෙකුම සභාව විසින් කලින් කල යෝජනා සම්මුතියක් මඟින් නියම කරනු ලබන ගාස්තුවක්  ගෙවා පුස්තකාලයාධිපති වෙතින් ලබා ගන්නා අයදුම්පතක් මඟින් සාමාජිකත්වය ඉල්ලුම් කළ යුතු ය.
         ii.    සියලුම පාසැල් ළමුන් අදාල අයදුම්පතේ පාසලේ විදුහල්පතිගේ නිර්දේශය ලබා ගත යුතු වන අතර මව/පියා/භාරකරු ද  අත්සන් කල යුතු ය.
        iii.   සෑම සාමාජිකයකුටම නිකුත් කළ යුතු බලපත්‍ර සංඛ්‍යාව දෙකකි.
         iv.   පාසැල් නොයන වැඩිහිටි සාමාජිකයින් සඳහා පදිංචි කොට්ඨාශයේ නාගරික මන්ත්‍රි  තුමා/තුමිය හෝ අදාල ප්‍රදේශයේ  ග්‍රාම නිළධාරි නිර්දේශය ලබා ගත යුතු ය.
          v.   බල ප්‍රදේශයෙන් පිට වැඩිහිටි පාසැල් නොයන සාමාජිකයින් සඳහා රු.1000.00ක රැදවුම් මුදලක් ගෙවිය යුතු අතර අදාල ප්‍රදේශයේ  ග්‍රාම නිළධාරි නිර්දේශය ලබා ගත යුතු ය.
         vi.   බල ප්‍රදේශයෙන් පිටත පදිංචි බල ප්‍රදේශය තුල  රජයෙ ස්ථිර සේවයේ නියතු අය සදහා අදාල ආයතන ප්‍රධානීයාගේ නිර්දේශය ලබා ගත යුතු ය.

 

       IV.  ඇපකරුවන් :-


 

                    i. සාමාජිකයෙකු විසින් සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඇපකරුවන් වශයෙන් පුත්තලම නගර සභා බල ප්‍රදේශයෙ ස්ථිර පදිංචි වරිපනම් බදු ගෙවන අයකු හෝ බල ප්‍රදේශය තුල ස්ථීර පදිංචි රජයේ සේවකයකු අත්සන් කල යුතුය.

 

02. පුත්තලම නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ පුද්ගලවිනය හා පෞරුෂය වර්ධණය කිරිම.

 

විනෝදාත්මක හා නිර්මාණාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ වු සම්පත් හා සේවා සැපයිම තුලින් පුත්තලම නගර සභා මහජන පුස්තකාල ජනතාවගේ අවශ්‍යතා පරිදි පහත සඳහන් අංශ සහ සේවාවන්ගෙන් සමන්විත වන්නේ ය.

            i.  බැහැරදෙන අංශය.
           ii.  ළමා අංශය.
          iii.  විමර්ෂණ අංශය.
          iv.  පුවත්පත් හා කියවිමේ අංශය.
           v.  සඟරා අංශය.
          vi.  පොත් බැදුම් අංශය.
         vii.  අධ්‍යනය අංශය.

 

03. බැහැරදෙන අංශය :-

 

-> බැහැරදෙන අංශය සදුඳා සිට සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව.4.30 දක්වා විවෘතව පවතින්නේය. ඉරිදා,පෝය දිනවල හා රජයේ නිවඩු දින බැහැරදෙන අංශය වසා ඇත.
-> සෑම සාමාජිකයෙකුටම නිකුත් කල යුතු  බලපත්‍ර සංඛ්‍යාව 02කි.
-> බැහැරදෙන පුස්තකාලයේ සාමාජිකයෙකු විසින් පොතක්  ලබාගන්නා ලද දින සිට දින දාහතරක (14)ක කාලයක් ඇතුලත පුස්තකාලයාධිපතිවරයාට ආපසු භාරදිය යුතුය. එවැනි යම් පොතක් වෙනත් සාමාජිකයෙකු විසින් ඉල්ලා නොමැතිනම් ඒ පොත වැඩිදුර දින දාහතරක් සඳහා ලබා ගැනීමට පුස්තකාලයාධිපති විසින් ඒ බැහැරදෙන පුස්තකාලයේ සාමාජිකයාට අවසර දෙනු ලැබිය හැක. 
-> පුස්තකාලයාධිපතිවරයාට ආපසු භාර දිමට සාමාජිකයෙකු විසින් පැහැර හරිනු ලැබු අවස්ථාවක ඒ පොත ආපසු භාර දිය යුතු දිනය ඉක්මවා යන එක් එක් දිනයක් වෙනුවෙන් එක් පොතකට රු. 1.00 මුදලක් දඬ වශයෙන් ගෙවිමට යටත් වන්නේය.
-> පොතක්  නැති වුයේ යැයි සැලකෙන අවස්ථාවක  එම පොතේ වටිනාකම, බැදුම් ගාස්තුව හා එම පොත ආපසු සපයා ගැනීමේ වියදම සහ දඬ මුදල් අදාල  සාමාජිකයා විසින් දැරිය යුතුය. මෙහිදි සම්මත ක්‍රම සහ උපදේශක කමිටු නිර්දේශ පදනම් කර ගන්මින් අය විය යුතු ගාස්තු පුස්තකාලයාධිපතිවරයා විසින් තීරණය කළ යුතුය.
-> බැහැරදෙන පුස්තකාලයෙන් ලබා ගත් පොතකට සිදුවි ඇති හානි වීමක් පිළිබඳ දැනගත් වහාම පුස්තකාලයාධිපතිවරයාට  දැනුම් දිම සෑම සාමාජිකයෙකු විසින්ම සිදු කළ යුතුය. එවැනි හානියක් හෝ විරූපි විමක් පිළිබඳව පුස්තකාලයාධිපතිවරයාට  දැනුම් දිම සාමාජිකයා විසින් පැහැර හැර ඇති අවස්ථාවක ඒ පොත එම  සාමාජිකයාට හානියක් හෝ ව

More Images

Service PDF

No PDF available for this service.

>